Saturday, October 9, 2010

සතුට හා ජීවිතය


1:02 AM |


ජීවිතය කියන්නෙ හරිම ලස්සන දෙයක්! ඒත් මේ ලෝකෙ හුගක් මිනිස්සුන්ට ඒ ජීවිතය විඳින්න බැහැ. කවුරැහරි ඔය ගොල්ලොන්ගෙන් ඇහුවොත් ඔයාලා ඔයාලාගෙ ජීවිත චලින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා ඔයාලා දෙන පිළිතුර මොකක්ද? මේක අපි හුඟ දෙනෙක්ගෙන් අහල බැලුවොත් ඒ අය එක එක විදියෙ පිළිතුරැ දෙයි.


අපි හිතමුකො එයාලා හදවතට එකඟවම ඒ පුශ්නයට පිළිතුරැ දුන්නා කියලා. එයාලා දෙන පිළිතුර අනුව ඒ පුද්ගලයා තමන්ගෙ ජීවිතය විඳිනවද එහෙම නැත්නම් විවනවද කියලා තේරැම් ගන්න පුඑවන්.

ඇත්තටම අපි ජීවිතෙන් බලාපොරොත්තු වෙන්න ඔනි මූලිකම දේ මොකද්ද? ඒ තමයි සතුට. මනුෂ්‍යයෙකුට තමන්ගෙ ජීවිතය විඳින්න පුඑවන් වෙන්නෙ ඒ කෙනා තමන්ගෙ ජීවිතයෙන් සතුට බලාපොරොත්තු වෙනවා නම් විතරයි. පුද්ගලයෙක් දුප්පත් හෝ පොහොසත් හෝ ඒ පුද්ගලයගෙ තරාතිරම කුමක් හෝ වේවා ඒ පුද්ගලයා තමන්ගෙ ජීවිතයෙ පරම ධනය සතුට කරගන්නවා නම් ඒ පුද්ගලයා තමන්ගෙ ජීවිතය විඳිනවා.

පොහොසත් මිනිහෙක් තමන්ට කොයිත‍රම් මුදල් තිබුනත් තමන්ට වඩා පොහොසත් කෙනෙක් දිහා බලලා ඔහුට ඊර්ෂියා කර කර ඉන්නවා ම් ඔහු ජීව්තය විවනවා නේද? ඒ වගේම දුප්පත් මනුස්සයෙක් තමන්ට හැකි පමණින් කාලා ඇලා තමන්ගෙ පවුලත් දරැවනුත් සමග සතුටින් ජීවත් වෙනවා නම් ඔහු ජීවිතය විඳිනවා නේද?

මේ ලෝකෙ හුක් මිනිස්සුන්ට මේ ටික තේරැම් ගන්න බෑ. ඒකයි අද සමාජය මේ තරම් කුරිරැ වෙලා තියෙන්නෙ. එක කෙනෙක් පරද්දලා අනිත් කෙනා දිනන්න තමයි අද සමාජය පෙළ ගැසිලා තියෙන්නෙ. ඒක වැරදියි මගේ යහඑවනේ. අපි මේ මෝඩ ජීවන රටාව වෙනස් කරන්න ඔනි. අපි හැමෝම අපිට පුඑවන් පමනින් ජීවිතය සතුටින් ගෙවන්න ඔනි.

මේ ලෝකෙ ඔයා වගේ පුද්ගලයෙක් ඉන්නෙ ඔයා විතරයි. වෙන කාටවත් ඔයා වගේ වෙන්න බැහැ. ඒ වගේම තමයි මගේ මිතුරේ ඔයාටත් මේ ලෝකෙ වෙන කාවවත් වගේ වෙන්න බැහැ. ඔයා ඔයාමයි. ඇත්තටම මේ ජීවිතේදි අපිට වැදගත් වෙන්නෙ අපේ හිත් වල සතුට මගේ මිතුරනේ. හදවතේ සතුට තියෙනවා නම්, කරන හැම දෙයක්ම සතුටින් කරනවා නම්, වෙන හැමදෙයක්ම සතුටින් අපේ ජීවිත වලට බාරගන්නවා නම් අපේ ජීවිත හැමදාම ලස්සනයි.

මේ ලිපිය කියවලා ඔයාලා ඔයාලගෙ මුවගට මදහසක් නගා ගන්න. මම නොකීවත් ඔයාලගෙ මුවගට මේ වෙනකොටත් පුංචි සිනහවක් නැගිලා ඇති! යන්න කලින් මේ ලිපියට ඹයාලාගෙ අදහසුත් දීලා යන්න. ඒ අදහස් මට වගේම මේ ලිපිය කියවන්න එන අනිත් යහඑවො හැමෝටමත් ගොඩාක් වැදගත්.

..............මම ඔයාලගෙ ආදරණීය හිරැ................


You Might Also Like :


2 Responses:

Amila said...

සතුටයි කිරුළ අපේ :)

හිරාන් ධනුෂ්ක said...

අනිවාර්යයෙන් මචං ... සතුට තියෙන තැන ජීවිතය අනිවාර්යයෙන් තියෙනවා :)

Post a Comment