ලෝකේ ඕනෑම තැනක සිට ඔබේ පරිගණකයට ඇතුල් වෙන්න... LogMeIn Hamachi

LogMeIn Hamachi යනු අන්තර්ජාලය හරහා අදිසි පරිගණක ජාලයක් (Virtual Private Network) නිර්මාණය කර එමගින් පරිගණක දෙකක් අතර සම්බන්ධතාවක් ඇති කරන මෘදුකාංගයකි. මෙමගින් අන්තර්ජාලය තුල ඔබටම වෙන්වූ පෞද්ගලික පරිගණක ජාලයක් නිර්මාණය කර දෙන අතර එමගින් ඔබට වෙනත් ඕනෑම ස්ථානයක ඇති පරිගණකයක් මගින් ඔබේ ප්‍රධාන පරිගණකයට ඇතුළු වීමට හැකි පහසුකම ලබාදේ.

වින්ඩෝස් මොබයිල් මැන්ගෝ 7.5

අඹ යාළුවන්ට පාවිච්චි කරන්න මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරන ලද අලුත්ම දුරකථන මෘදුකාංග පද්ධතිය තමයි වින්ඩෝස් මොබයිල් මැන්ගෝ 7.5 කියන්නේ. මෙම මෘදුකාංග පද්ධතිය විශේෂිත තාක්ෂණික මෘදුකාංග රැසකින් සමන්විතයි. ඇන්ඩ්‍රෝයිඩ්, බ්ලැක් බෙරි, සිම්බියන්, ඇපල්, සැන්ඩ්විච් වැනි දුරකථන මෘදුකාංග පද්ධති වලට වඩා මෙය ගොඩක් රසවත් බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.

ඇපල් තරම් රසවත් නොවූ ඔහුගේ ජීවිත කතාව... (ස්ටීව් ජොබ්ස්)

ඇත්තටම මට හිතෙනවා ස්ටීව් ජොබ්ස් ගෙ මේ කතාව කියෙව්වට පස්සේ මගේ ජීවිතයටත් හිතන්න යමක් ලැබුන කියල. ස්ටීව් ජොබ්ස් ගෙ අභාවය ලෝකයට ඇත්තටම පාඩුවක්. එවැනි මිනිසුන් ලොව බිහිවෙන්නේ අතලොස්සයි. එවැනි මිනිසුන්ගෙන් වන සේවාව කියල නිම කරන්න බැහැ. ඒ අඩුව පුරවන්න තව එවැනි මිනිසුන් බිහිවේද යන්නත් ප්‍රශ්නයක්.ලෝකය වෙනුවෙන් නිහතමානී, අවංක සේවයක් ස්ටීව් ජොබ්ස් මහතාණෙනි ඔබට නිවන් සුව!

කැම්පස් එකේ මගුල් උත්සවේ

කොහොමද නංගියේ.. මල්ලියේ.. අය්යේ.. අක්කේ.. යහලුවනේ.. ගොඩ කාලෙකින් පොස්ට් එකක් දන්නා බැරි උනේ ගොඩාක් වැඩ වලට හිර වෙලා හිටපු නිසා.. දන්නවනේ ඉතින් කැම්පස් එකේ වැඩ වල ඉවරයක් නැ කියල. එකක් ඉවර වෙනකොට තව එකක්.ප්‍රොජෙක්ට්, පොපොසලස්, රිපෝට්ස්, එක්සැම් ඉවරයක් නැ. ඒවා අතර ඉතින් ෆන් වැඩත් ඕනේතරම් තියෙනවා. මම අද කියන්න යන්නෙත් කැම්පස් එකක තියෙන මැක්සාම ෆන් වැඩක් ගැන.

google gravity එක්ක සෙල්ලම් කරන්න :D

ඔයගොල්ලෝ ගුගල් සෙවුම් යන්ත්‍රය දිනකට කී වතාවක් පමණ ප්‍රයෝජනයට ගන්නවද? එහෙම ගන්න ඔයගොල්ලොන්ට ගූගල් සමාගම මගින් නිර්මාණය කර ඇති වෙබ් පේජය ඉතාමත්ම ආකර්ශනීය වෙබ් පේජයක්. ගූගල් සෙවුම් යන්ත්‍රය යොදා ගන්නා පිරිස වැඩි කරගැනීමේ අරමුණින් ගූගල් සමාගම මෙවැනි නිර්මාණ කරනු ලබයි.

H Group එකේ අපේ fit එක

2010 අසළ මාසේ 5 වෙනිදා අපි මොරටු සරසවි බිමට පය තැබුවෙ බලාපොරොත්තු රැසක් පොදි බැඳන්. නුහුරු නුපුරුදු බිමක දෙමාපියන්, නෑදෑයින් ගෙන් මිදිලා තනිවෙද්දි අපේ තනියට හිටියෙ අපි අපිමයි. එදා දවස ටිකක් වැසිබර දවසක්. හා හා පුරා කියල නෙළුම් මල් පුජ කරලා සීත ගඟුල(අපේ බුදු සමිඳු පිළිමය අසළ) වැඳලා අපි තොරතුරු තාක්ෂණ පීඨයට ගොඩ වූනේ බියත් කුතුහලයත් සතුටත් එක්තැන් කරගෙන.

Wednesday, January 4, 2012

ගූගල් ක්රො‍ම්ට අභියොගයක් වු ඇන්ටි වයිරස් වෙබ් බ්‍රවුසරය

Posted On 6:58 AM 3 Responses

       විසි එක්වන සියවසේ දෙවන දශකය ගෙවෙමින් පවතින වර්තමානයේදී ලෝකයේ ඇති විශාලතම සන්නිවේදන මාධ්‍යය ලෙස අන්තර්ජාලය ඉදිරියට පැමිණ තිබේ. අති දැවැන්ත තොරතුරු සම්භාරයකට හිමිකම් කියන අන්තර්ජාලය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර ඒ සෑම මොහොතකදීම අති මහත් තොරතුරු ප්‍රමාණයක් හුවමාරු වෙමින් පවතී. මේ දැවැන්ත තොරතුරු දාමය නිවැරදිව හැසිරවිය හැකි, වේගවත්, හුරුබුහුටි හා ස්ථාවර වෙබ් බ්‍රවුසර කෙරෙහි අද ලෝකය මහත් උනන්දුවක් දක්වයි. මේ දැවැන්ත ඉල්ලුමට හොඳ පිළිතුරක් සපයමින් මෑතකදී බ්‍රවුසර වෙළඳපොල ජයගත් විශිෂ්ට වෙබ් බ්‍රවුසරයක් වන්නේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයයි. නමුත් එහි එක අත්‍යාවශ්‍ය අංගයක අඩුපාඩුවක් පවතින. ඒ දත්ත ආරක්ෂාවයි.

        අන්තර්ජාලය හරහා හුවමාරු වෙන මේ තොරතුරු අතර පෞද්ගලික හා රහස්‍ය තොරතුරුද ඇතුලත් වේ. මේ තොරතුරු වල ආරක්ෂාව සහතික කළ හැකි හොඳම ආකාරය නම් වෙබ් බ්‍රවුසරය මගින්ම ඒ ආරක්ෂාව සැපයීමයි. අන්තජාල ගවේෂණයේ මෙතෙක් පැවති ආරක්ෂක දෝෂ සඳහා හොඳම විසඳුමක් ඉදිරිපත් කරමින් කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රව්සරය එලි දකින්නේ ඒ සඳහායි. 


       පරිගණක ආරක්ෂණ සමාගමක් ලෙසින් කීර්තියට පත් කොමොඩෝ ඩ්‍රැගන් ආයතනය ෆයර්වෝල් මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස නමක් දිනා සිටි. අන්තර්ජාලය හරහා පැමිණෙන හානිකර මෘදුකාංග සඳහා හොඳම ආරක්ෂාවක් සැලසිය හැකි පරිදි ඔවුන්ගේ නව බ්‍රවුසරය සැලසුම් කර තිබේ. මේ සඳහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ ක්‍රෝමියම් මුලකේත පද්ධතියයි. එනම් ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයට පාදක වූ කේත පද්ධතියයි. මේ නිසා ක්‍රෝම් හා ඩ්‍රැගන් යන යන බ්‍රවුසර දෙකම පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වයෙන් බොහෝ දුරට එක සමාන වේ. ක්‍රෝම් වල වේගය හා සරල බවට අමතරව ඩ්‍රැගන් මගින් ඔබගේ දත්ත ආරක්ෂාවද සහතික කරනු ලබයි. 


    ගූගල් ක්‍රෝම් හි ඇති රතු පැහැයට හුරු අළු පැහැයක් ගත අතුරු මුහුණත හා සමඟම තවත් ලක්ෂණ බොහොමයක් කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රවුසරයටද පොදුවේ. බලු බැල්මට මේ බ්‍රවුසර දෙක අතර වෙනසක් නොපෙනෙන අතර ක්‍රියාකාරිත්වය හා භාවිතයද එක සමාන වේ. මේ නිසා ක්‍රෝම් පරිශීලකයන්ට කිසිදු වෙනසකින් තොරව ඩ්‍රැගන් වෙතට මාරු විය හැකියි. වඩාත් වැදගත් දෙය නම් ක්‍රොම් හි Extensions කොමොඩෝ ඩ්‍රැගන් හිදී ද භාවිතා කළ හැකි වීමයි. එමෙන්ම ක්‍රෝම් හි ඇති incognito ආකාරයද මෙහිදී දක්නට ලැබේ. 


     නමුත් විශ්ෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ගූගල් ක්‍රෝම් මෙන් පරිශීලක දත්ත එකතු කර වෙනත් සර්වර් වෙත යැවීම ඩ්‍රැගන් මගින් සිදු නොවීමයි. එසේම ඔබ හානිකර වෙබ් අඩවියකට පිවිසෙන්නේ නම් එය අවවාදාත්මක ස්වරුපයෙන් දක්වන අතරම හානිකර වැඩසටහන් පරිගණකයට පිවිසීම වලක්වා ලමින් ඔබේ පරිගණකයේ උපරිම ආරක්ෂාව තහවුරු කරනු ලබයි. 


       ක්‍රෝම් හා ඩ්‍රැගන් බ්‍රවුසර වල කාර්යක්ෂමතාවය විමසා බැලීමේදී කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රවුසරය තරමක් ඉදිරියෙන් සිටින බව පෙනීගොස් තිබේ. කෙසේ උවත් JavaScript ධාවනයේදී ගූගල් ක්‍රෝම් ඉදිරියෙන් සිටී. මේ පරීක්ෂණ දත්ත වලින් පෙනී යන්නේ ක්‍රෝම් හා ඩ්‍රැගන් අතර කාර්යක්ෂමතාවයේ වෙනසක් නොමැති බවයි. කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රවුසරය නිපදවා ඇත්තේ පරිගණක ආරක්ෂාව හා සම්බන්ධ දැවැන්ත ආයතනයක් විසින් වීම නිසා ක්‍රෝම් හි වේගවත් භාවය සමගම හොඳ අන්තර්ජාල ආරක්ෂාවක්ද ඔබට ලැබේ. ක්‍රෝම් හි ඇති පරිශීලක දත්ත ලබාගැනීම හා වෙළඳ දැන්වීම් වැනි උපක්‍රම වලට ඔබත් අකමැති නම්, හානිකර පරිගණක වැඩසටහන් මගින් ඇතිවන තර්ජනය හා ඔබගේ දත්ත වල සුරක්ෂිතභාවය පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ නම් කොමොඩෝ ඩ්‍රැගන් ඒ සඳහා හොඳම විසදුමයි.

      ක්‍රෝම්ට වැඩ කොමොඩෝ ඩ්‍රැගන් හි user friendly බවත් වැඩියි යන්න මගේ නම් අදහසයි. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් කොමොඩෝ ඩ්‍රැගන් ඩවුන්ලෝඩ් කර එහි ඇති සුවිශේෂිත්වය අත්හදා බලන්න. මෙන්න ලින්කුව  Comodo Draganමෙම ලිපිය ගැන ඔයාලගේ අදහසුත් මාත් එක්ක හා ලිපිය කියවන්න එන අනෙක් යාළුවොත් එක්ක බෙදාහදා ගෙන යන්න. ඔබට ජය! 



Monday, January 2, 2012

ලෝකේ ඕනෑම තැනක සිට ඔබේ පරිගණකයට ඇතුල් වෙන්න... LogMeIn Hamachi

Posted On 7:22 AM 8 Responses

  
   වර්තමානයේ පවතින දියුණු තාක්ෂණය නිසාවෙන් අද වන විට බොහෝ දෙනා තමන් යන එන තැන ලැප්ටොප් පරිගණකයක් හෝ අයිපෑඩ්, ටැබ්ලට් පරිගණකයක් වැනි විවිධ නවීන උපාංග රැගෙන යාමට පුරුදු වී සිටී. නිවසේ ඇති ඩෙස්ක්ටොප් පරිගණකය තමන් යන එන සෑම තැනකම රැගෙන යාමට අපහසු වීම නිසාවෙන් මෙවැනි උපකරණ අපට එදිනෙදා ජීවිතයේදී බොහෝ ප්‍රයෝජනවත් වේ. නමුත් මෙවැනි ජංගම උපකරණ වලට අපට අවශ්‍ය කරන සෑම දෙයක්ම ගබඩා කරගැනීමට තරමක් අපහසු වන්නේ ඒවායේ ඇති ඉතා සීමිත ඉඩකඩ ප්‍රමාණය නිසාවෙනි. මේ හේතුවෙන් සමහර අවස්ථාවන්හිදී අපට යම්කිසි අතවශ්‍ය ගොනුවක් ලබාගැනීමට සිදුවූ විට තම පරිගණකයෙන් එය ලබා ගැනීම සඳහා නැවතත් නිවසටම පැමිණීමට සිදුවන අවස්ථාවන් අනන්ත අප්‍රමාණය. මෙවැනි අවස්ථාවන් වලදී අපට සිතෙන්නේ එම ස්ථානයේ සිටම නිවසේ ඇති පරිගණකයට ඇතුළු වීමට ඇත්නම් කෙතරම් අපූරුද යන්නයි.

ඇත්තෙන්ම එය දැන් යථාර්තයක් බවට පත්වී ඇත්තේ LogMeIn Hamachi නම් මෘදුකාංගයක් සමගයි. මෙම මෘදුකාංගය මගින් ඔබට ලොව ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය භාවිතයෙන් තම නිවසේ හෝ වෙනත් ස්ථානයක ඇති පරිගණකයකට ඇතුළු වී දත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේ. LogMeIn Hamachi යනු අන්තර්ජාලය හරහා අදිසි පරිගණක ජාලයක් (Virtual Private Network)  නිර්මාණය කර එමගින් පරිගණක  දෙකක් අතර සම්බන්ධතාවක් ඇති කරන මෘදුකාංගයකි. මෙමගින් අන්තර්ජාලය තුල ඔබටම වෙන්වූ පෞද්ගලික පරිගණක ජාලයක් නිර්මාණය කර දෙන අතර එමගින් ඔබට වෙනත් ඕනෑම ස්ථානයක ඇති පරිගණකයක් මගින් ඔබේ ප්‍රධාන පරිගණකයට ඇතුළු වීමට හැකි පහසුකම ලබාදේ. ඔබේ පරිගණකය සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වුවත් මෙමගින් පරිගණකයේ ඇති පොදුවේ බවිත කල හැකි Shared Files හි ඇති දත්තයන් වලට ඇතුල් වී තොරතුරු තොරතුරු පිටපත් කර ගැනීමට හැකිවේ. LogMeIn Hamachi මෘදුකාංගය භාවිත කිරීම සඳහා ඔබට අනිවාර්යයෙන්ම අන්තර්ජාල ම්බන්ධතාවක් තිබිය යුතු වේඑමෙන්ම ඔබට ඔබගේ අන්තර්ජාලයේ සැරිසරන මිතුරන්ගේ පරිගණක වල ඇති දත්ත හුවමාරු කරගැනීමටද මෙය කදිම අවස්ථාවකිඔබ Wifi මගින් පරිගණක දෙකක් සම්බන්ධ කරගන්නා ආකාරයටම ඔබට අන්තර්ජාලය හරහා පරිගණක දෙකක්  සම්බන්ධ කර ගැනීමට මෙමගින් අවස්ථාව සලසා දෙයි. එමෙන්ම ඔබට මිතුරන් සමග අන්තර්ජාලය හරහා නෙට්වර්ක්   කර පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරමටද මෙමගින් හැකියාව ලබාදේ. (Eg:- Halo)


මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගැනීම ඉතාමත් පහසු අතර මෙය බාවිතය පියවර කීපයකින්ම සිදු කරීමට හැකිය. මේ සඳහා ප්‍රථමයෙන්ම LogMeIn Hamachi යන වෙබ් පිටුව වෙත ගොස් මෙම මෘදුකාංගය ලබා ගන්න. එය ඔබගේ පරිගනකය් තුල ස්ථාපනය කිරීමෙන් පසුව එය වීවෘත කර එහි ඇති Power On බොත්තම ක්ලික් කරන්න.

දැන් එයින් ලැබුණු සංවාද කොටුව තුලට ඔබේ පරිගණකය හඳුනා ගැනීම සඳහා නමක් ලබාදී Create බොත්තම මත ක්ලික් කරන්න. 



ඔබ දැන් LogMeIn Hamachi මෘදුකාංගය ස්ථාපනය කර අවසන්. මීළඟට පරිගණක  ජාලය  නිර්මාණය කළයුතු වේ. මේ සඳහා Create a New Network  බොත්තම ක්ලික් කරන්න. 


එය ක්ලික් කිරීමෙන් පසුව දිස්වෙන වින්ඩෝව තුළ ඔබේ පරිගණක ජාලය සඳහා නමක් හා මුරපදයක් ලබා දෙන්න. 


ජාල නාමය හා මුර පදය ලබාදී Create බොත්තම ක්ලික් කල සැනින් ඔබේ පරිගණක ජාලය නිර්මාණය වනු ඇති. දැන් ඔබට තොරතරු ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් පරිගණකයන් තුළද මෙම මෘදුකාංගය මේ ආකාරයටම ස්ථාපනය කරන්න. ඉන්පසු Join An Existing Network  යන බොත්තම ක්ලික් කිරීමෙන් අනතුරුව අනෙත් පරිගණකයේ ඔබ විසින් යෙදු ජාල නාමය හා මුර පදය ඇතුලත් කර ඔබේ ප්‍රධාන පරිගණකයට ඇතුල් විය හැකියි. 


දැන් ඔබට ඇතුළු වීමට අවශ්‍ය පරිගණකය තෝරා එහි නාමය මත රයිට් ක්ලික් කර Browse යන්න තෝරා එම පරිගණකය තුළ ඇති Shared Network Files ඇතුලත් ෆෝල්ඩරයට ඇතුල් වී ඔබට අවශ්‍ය දත්ත ලබා ගත හැකිවේ. 


එමෙන්ම ඔඅබට අවශ්‍ය ගොනුවක් මෙම ජාලය අතරේ Share කිරීම මගින් එම ගොනු සියල්ල මෙම ජාලය තුලට එක්කර ගත හැකි වේ. එසේම මෙම මෘදුකාංගය තුළ දත්ත හුවමාරු කරනා ජාල සම්බන්ධතාවන් සියල්ල ඉතා ආරක්ෂා සහිත හා රහසිගත වීම නිසාවෙන් ඒ පිළිබඳව කසිදු බියක් ඇති කරගත යුතු වන්නේද නැත. ඉතාමත් පහසුවෙන්ම මෙය භාවිතා කිරීමට හැකි වීම නිසා මේ වන විට කා අතරෙත් ජනප්‍රිය වී තිබේ. ඔබටත් පරිගණක කිහිපයක් සමඟ නිතර වැඩ කටයුතු කිරීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වේවී.

ඉතින් මෙම ලිපිය කියවීමට පැමිණි ඔබට එය වැදගත් වුවා යයි සිතෙනවානම් like එකක් දාල සහයෝදය දීල යන්න. එතකොට තමයි මේ වගේ ලිපි තවත් පළකරන්න මටත් උද්යෝගයක් ඇතිවෙන්නේ. ඉතින් මේ ලිපිය පිලිබඳ ඔයගොල්ලොන්ගේ අදහස් තියෙනවා නම් ඒවත් පළ කරලා යන්න. ඒ අදහස් මට වගේම මේක කියවන්න එන අනිත් හැමෝටමත් ගොඩාක් වැදගත්.
ඔබට ජය!


Saturday, October 29, 2011

Windows Live SkyDrive

Posted On 9:47 AM 2 Responses


ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office package ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තර්ජයේ සිටින ගමන word file එකක් edit කරලා online driver එකක් ඇතුලෙම සේව් කරලා ඕනේ වේලාවකදී නැවතත් edit කරන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්.

මේ සඳහා ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ windows live ID එකක් හදා ගන්න විතරයි. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් free windows live ID එකක් ඔයාලත් හද ගන්න. windows live ID . ඊට පස්සේ sign in වෙලා පහල ලින්ක් එකට යන්න. click here.

මෙම ලයිව් ID එක create කලාම ඔයාලට 5GB online hard drive එකක් ලැබෙනවා. එකේදී ඔයගොල්ලොන්ට folders හදල ඒවයේ, word documents, power point slides වගේම excel sheets create කර ගන්නත් පුළුවන්. ඒ වගේම ෆොටෝස් upload කරලා web space එකේ store කර ගන්නත් පුළුවන්. එකෙන් ඔයගොල්ල්ලොන්ට මෙම ෆොටෝස් වෙනත් වෙබ් අඩවියකදී පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා (Image URL එක භාවිතයෙන්) වගේම ඒවා යාලුවෝ එක්ක share කර ගන්නත් පුළුවන්.

මේ වෙබ් space එක ඔයගොල්ලොන්ට computer එකෙ හරිට access කරන්න බැරි නම්, පහළ ලින්ක් එකේ තියෙන windows live essentials software එක download කරල install කරගන්න. click here.

මම හිතනවා මේ ලිපිය ඔයගොලොන්නට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල හිතනවා.මේ පිලිබඳ ඔයගොල්ලොන්ට ගැටළු තියෙනවා නම් පහලින් comment එකක් දාල අහන්න. වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් මට mail එකක් එවන්න. ඔබට ජය!