Wednesday, January 4, 2012

ගූගල් ක්රො‍ම්ට අභියොගයක් වු ඇන්ටි වයිරස් වෙබ් බ්‍රවුසරය


6:58 AM |

       විසි එක්වන සියවසේ දෙවන දශකය ගෙවෙමින් පවතින වර්තමානයේදී ලෝකයේ ඇති විශාලතම සන්නිවේදන මාධ්‍යය ලෙස අන්තර්ජාලය ඉදිරියට පැමිණ තිබේ. අති දැවැන්ත තොරතුරු සම්භාරයකට හිමිකම් කියන අන්තර්ජාලය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර ඒ සෑම මොහොතකදීම අති මහත් තොරතුරු ප්‍රමාණයක් හුවමාරු වෙමින් පවතී. මේ දැවැන්ත තොරතුරු දාමය නිවැරදිව හැසිරවිය හැකි, වේගවත්, හුරුබුහුටි හා ස්ථාවර වෙබ් බ්‍රවුසර කෙරෙහි අද ලෝකය මහත් උනන්දුවක් දක්වයි. මේ දැවැන්ත ඉල්ලුමට හොඳ පිළිතුරක් සපයමින් මෑතකදී බ්‍රවුසර වෙළඳපොල ජයගත් විශිෂ්ට වෙබ් බ්‍රවුසරයක් වන්නේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයයි. නමුත් එහි එක අත්‍යාවශ්‍ය අංගයක අඩුපාඩුවක් පවතින. ඒ දත්ත ආරක්ෂාවයි.

        අන්තර්ජාලය හරහා හුවමාරු වෙන මේ තොරතුරු අතර පෞද්ගලික හා රහස්‍ය තොරතුරුද ඇතුලත් වේ. මේ තොරතුරු වල ආරක්ෂාව සහතික කළ හැකි හොඳම ආකාරය නම් වෙබ් බ්‍රවුසරය මගින්ම ඒ ආරක්ෂාව සැපයීමයි. අන්තජාල ගවේෂණයේ මෙතෙක් පැවති ආරක්ෂක දෝෂ සඳහා හොඳම විසඳුමක් ඉදිරිපත් කරමින් කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රව්සරය එලි දකින්නේ ඒ සඳහායි. 


       පරිගණක ආරක්ෂණ සමාගමක් ලෙසින් කීර්තියට පත් කොමොඩෝ ඩ්‍රැගන් ආයතනය ෆයර්වෝල් මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස නමක් දිනා සිටි. අන්තර්ජාලය හරහා පැමිණෙන හානිකර මෘදුකාංග සඳහා හොඳම ආරක්ෂාවක් සැලසිය හැකි පරිදි ඔවුන්ගේ නව බ්‍රවුසරය සැලසුම් කර තිබේ. මේ සඳහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ ක්‍රෝමියම් මුලකේත පද්ධතියයි. එනම් ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයට පාදක වූ කේත පද්ධතියයි. මේ නිසා ක්‍රෝම් හා ඩ්‍රැගන් යන යන බ්‍රවුසර දෙකම පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වයෙන් බොහෝ දුරට එක සමාන වේ. ක්‍රෝම් වල වේගය හා සරල බවට අමතරව ඩ්‍රැගන් මගින් ඔබගේ දත්ත ආරක්ෂාවද සහතික කරනු ලබයි. 


    ගූගල් ක්‍රෝම් හි ඇති රතු පැහැයට හුරු අළු පැහැයක් ගත අතුරු මුහුණත හා සමඟම තවත් ලක්ෂණ බොහොමයක් කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රවුසරයටද පොදුවේ. බලු බැල්මට මේ බ්‍රවුසර දෙක අතර වෙනසක් නොපෙනෙන අතර ක්‍රියාකාරිත්වය හා භාවිතයද එක සමාන වේ. මේ නිසා ක්‍රෝම් පරිශීලකයන්ට කිසිදු වෙනසකින් තොරව ඩ්‍රැගන් වෙතට මාරු විය හැකියි. වඩාත් වැදගත් දෙය නම් ක්‍රොම් හි Extensions කොමොඩෝ ඩ්‍රැගන් හිදී ද භාවිතා කළ හැකි වීමයි. එමෙන්ම ක්‍රෝම් හි ඇති incognito ආකාරයද මෙහිදී දක්නට ලැබේ. 


     නමුත් විශ්ෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ගූගල් ක්‍රෝම් මෙන් පරිශීලක දත්ත එකතු කර වෙනත් සර්වර් වෙත යැවීම ඩ්‍රැගන් මගින් සිදු නොවීමයි. එසේම ඔබ හානිකර වෙබ් අඩවියකට පිවිසෙන්නේ නම් එය අවවාදාත්මක ස්වරුපයෙන් දක්වන අතරම හානිකර වැඩසටහන් පරිගණකයට පිවිසීම වලක්වා ලමින් ඔබේ පරිගණකයේ උපරිම ආරක්ෂාව තහවුරු කරනු ලබයි. 


       ක්‍රෝම් හා ඩ්‍රැගන් බ්‍රවුසර වල කාර්යක්ෂමතාවය විමසා බැලීමේදී කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රවුසරය තරමක් ඉදිරියෙන් සිටින බව පෙනීගොස් තිබේ. කෙසේ උවත් JavaScript ධාවනයේදී ගූගල් ක්‍රෝම් ඉදිරියෙන් සිටී. මේ පරීක්ෂණ දත්ත වලින් පෙනී යන්නේ ක්‍රෝම් හා ඩ්‍රැගන් අතර කාර්යක්ෂමතාවයේ වෙනසක් නොමැති බවයි. කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රවුසරය නිපදවා ඇත්තේ පරිගණක ආරක්ෂාව හා සම්බන්ධ දැවැන්ත ආයතනයක් විසින් වීම නිසා ක්‍රෝම් හි වේගවත් භාවය සමගම හොඳ අන්තර්ජාල ආරක්ෂාවක්ද ඔබට ලැබේ. ක්‍රෝම් හි ඇති පරිශීලක දත්ත ලබාගැනීම හා වෙළඳ දැන්වීම් වැනි උපක්‍රම වලට ඔබත් අකමැති නම්, හානිකර පරිගණක වැඩසටහන් මගින් ඇතිවන තර්ජනය හා ඔබගේ දත්ත වල සුරක්ෂිතභාවය පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ නම් කොමොඩෝ ඩ්‍රැගන් ඒ සඳහා හොඳම විසදුමයි.

      ක්‍රෝම්ට වැඩ කොමොඩෝ ඩ්‍රැගන් හි user friendly බවත් වැඩියි යන්න මගේ නම් අදහසයි. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් කොමොඩෝ ඩ්‍රැගන් ඩවුන්ලෝඩ් කර එහි ඇති සුවිශේෂිත්වය අත්හදා බලන්න. මෙන්න ලින්කුව  Comodo Draganමෙම ලිපිය ගැන ඔයාලගේ අදහසුත් මාත් එක්ක හා ලිපිය කියවන්න එන අනෙක් යාළුවොත් එක්ක බෙදාහදා ගෙන යන්න. ඔබට ජය! 



You Might Also Like :


3 Responses:

යසියා said...

ela එල.. දැන් ඕක අපිට පාවි‍ච්චි කරන්න පුලුවන්ද?

හිරාන් ධනුෂ්ක said...

aniwa machan, mama use karanneth comodo dragon. :) download and use :)

Tharaka Wijebandara said...

nice work!!

Post a Comment