වර්තමානයේ පවතින දියුණු තාක්ෂණය නිසාවෙන් අද වන විට බොහෝ දෙනා තමන් යන එන තැන ලැප්ටොප් පරිගණකයක් හෝ අයිපෑඩ්, ටැබ්ලට් පරිගණකයක් වැනි විවිධ නවීන උපාංග රැගෙන යාමට පුරුදු වී සිටී. නිවසේ ඇති ඩෙස්ක්ටොප් පරිගණකය තමන් යන එන සෑම තැනකම රැගෙන යාමට අපහසු වීම නිසාවෙන් මෙවැනි උපකරණ අපට එදිනෙදා ජීවිතයේදී බොහෝ ප්‍රයෝජනවත් වේ. නමුත් මෙවැනි ජංගම උපකරණ වලට අපට අවශ්‍ය කරන සෑම දෙයක්ම ගබඩා කරගැනීමට තරමක් අපහසු වන්නේ ඒවායේ ඇති ඉතා සීමිත ඉඩකඩ ප්‍රමාණය නිසාවෙනි. මේ හේතුවෙන් සමහර අවස්ථාවන්හිදී අපට යම්කිසි අතවශ්‍ය ගොනුවක් ලබාගැනීමට සිදුවූ විට තම පරිගණකයෙන් එය ලබා ගැනීම සඳහා නැවතත් නිවසටම පැමිණීමට සිදුවන අවස්ථාවන් අනන්ත අප්‍රමාණය. මෙවැනි අවස්ථාවන් වලදී අපට සිතෙන්නේ එම ස්ථානයේ සිටම නිවසේ ඇති පරිගණකයට ඇතුළු වීමට ඇත්නම් කෙතරම් අපූරුද යන්නයි.

මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගැනීම ඉතාමත් පහසු අතර මෙය බාවිතය පියවර කීපයකින්ම සිදු කරීමට හැකිය. මේ සඳහා ප්‍රථමයෙන්ම LogMeIn Hamachi යන වෙබ් පිටුව වෙත ගොස් මෙම මෘදුකාංගය ලබා ගන්න. එය ඔබගේ පරිගනකය් තුල ස්ථාපනය කිරීමෙන් පසුව එය වීවෘත කර එහි ඇති Power On බොත්තම ක්ලික් කරන්න.
දැන් එයින් ලැබුණු සංවාද කොටුව තුලට ඔබේ පරිගණකය හඳුනා ගැනීම සඳහා නමක් ලබාදී Create බොත්තම මත ක්ලික් කරන්න.
ඔබ දැන් LogMeIn Hamachi මෘදුකාංගය ස්ථාපනය කර අවසන්. මීළඟට පරිගණක ජාලය නිර්මාණය කළයුතු වේ. මේ සඳහා Create a New Network බොත්තම ක්ලික් කරන්න.
එය ක්ලික් කිරීමෙන් පසුව දිස්වෙන වින්ඩෝව තුළ ඔබේ පරිගණක ජාලය සඳහා නමක් හා මුරපදයක් ලබා දෙන්න.
ජාල නාමය හා මුර පදය ලබාදී Create බොත්තම ක්ලික් කල සැනින් ඔබේ පරිගණක ජාලය නිර්මාණය වනු ඇති. දැන් ඔබට තොරතරු ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් පරිගණකයන් තුළද මෙම මෘදුකාංගය මේ ආකාරයටම ස්ථාපනය කරන්න. ඉන්පසු Join An Existing Network යන බොත්තම ක්ලික් කිරීමෙන් අනතුරුව අනෙත් පරිගණකයේ ඔබ විසින් යෙදු ජාල නාමය හා මුර පදය ඇතුලත් කර ඔබේ ප්‍රධාන පරිගණකයට ඇතුල් විය හැකියි.
දැන් ඔබට ඇතුළු වීමට අවශ්‍ය පරිගණකය තෝරා එහි නාමය මත රයිට් ක්ලික් කර Browse යන්න තෝරා එම පරිගණකය තුළ ඇති Shared Network Files ඇතුලත් ෆෝල්ඩරයට ඇතුල් වී ඔබට අවශ්‍ය දත්ත ලබා ගත හැකිවේ.
එමෙන්ම ඔඅබට අවශ්‍ය ගොනුවක් මෙම ජාලය අතරේ Share කිරීම මගින් එම ගොනු සියල්ල මෙම ජාලය තුලට එක්කර ගත හැකි වේ. එසේම මෙම මෘදුකාංගය තුළ දත්ත හුවමාරු කරනා ජාල සම්බන්ධතාවන් සියල්ල ඉතා ආරක්ෂා සහිත හා රහසිගත වීම නිසාවෙන් ඒ පිළිබඳව කසිදු බියක් ඇති කරගත යුතු වන්නේද නැත. ඉතාමත් පහසුවෙන්ම මෙය භාවිතා කිරීමට හැකි වීම නිසා මේ වන විට කා අතරෙත් ජනප්‍රිය වී තිබේ. ඔබටත් පරිගණක කිහිපයක් සමඟ නිතර වැඩ කටයුතු කිරීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වේවී.
ඉතින් මෙම ලිපිය කියවීමට පැමිණි ඔබට එය වැදගත් වුවා යයි සිතෙනවානම් like එකක් දාල සහයෝදය දීල යන්න. එතකොට තමයි මේ වගේ ලිපි තවත් පළකරන්න මටත් උද්යෝගයක් ඇතිවෙන්නේ. ඉතින් මේ ලිපිය පිලිබඳ ඔයගොල්ලොන්ගේ අදහස් තියෙනවා නම් ඒවත් පළ කරලා යන්න. ඒ අදහස් මට වගේම මේක කියවන්න එන අනිත් හැමෝටමත් ගොඩාක් වැදගත්.
ඔබට ජය!
You Might Also Like :
8 Responses:
elaz should try
Elaz....
Elaz...!!!
Ela machan.!!
thankz machan..
elaz
මරු නේ !!!
මම අදමයි මේ ගැජට් එක ගැන ඇහුවේ.
@අභීත ::: එලස්
@මධුරංග ::: අනිවා මචං. ගොඩක් ප්‍රයෝජවත් වැඩ කැල්ලක් :ඩී
පාවිච්චි කරලා බලපන්. මැක්සා.
Post a Comment