Wednesday, February 16, 2011

H Group එකේ අපේ fit එක


5:41 AM |

2010 අසළ මාසේ 5 වෙනිදා අපි මොරටු සරසවි බිමට පය තැබුවෙ බලාපොරොත්තු රැසක් පොදි බැඳන්. නුහුරු නුපුරුදු බිමක දෙමාපියන්, නෑදෑයින් ගෙන් මිදිලා තනිවෙද්දි අපේ තනියට හිටියෙ අපි අපිමයි. එදා දවස ටිකක් වැසිබර දවසක්. හා හා පුරා කියල නෙළුම් මල් පුජ කරලා සීත ගඟුල(අපේ බුදු සමිඳු පිළිමය අසළ) වැඳලා අපි තොරතුරු තාක්ෂණ පීඨයට ගොඩ වූනේ බියත් කුතුහලයත් සතුටත් එක්තැන් කරගෙන.
දස වසක් සපිරෙන අපේ ෆැකල්ටි මාතාවට දස වන කණ්ඩායම විදියට අපි එකතු වූනේ මහත් අභිමානයෙන්! මුල් කාලේදී මුළු විශ්ව විද්‍යාලයම අපට නුහුරු නුපුරුදු වූනත්, සීනියර් අයියලගේ මග පෙන්වීම යටතේ ටිකෙන් ටික අපිට මේ අලුත් ජීවන රටාවට හැඩ ගැහෙන්න පුළුවන් වූනා.මට තාම අද වගේ මතකයි අපේ මුළු බැච් එකම කුඹි රැල වගේ වලටයි ගොඩටයි (අපේ කැම්පස් එකේ ආපන ශාලා) ගිය හැටි. උදේ 7.00 වෙනකොට front එක ලඟට එකතු වුණු හැටි. ජීවිතේ අමතක කල නොහැකි, අත්හැරිය නොහැකි සහෝදර මිතුදමකින් අපි හැමදෙනාම වෙලී ගෙන හිටියෙ. මුළු විශ්ව විද්‍යාලයම අපිට එරෙහිව ආවත් ඒවාට මුහුණ දෙන්න පුළුවන් ශක්තියකින් ආත්ම අභිමානයකින් තොරතුරු තාක්ෂණ පීඨයේ දස වන කණ්ඩායම වුණු අපට තිබුණාකීවොත් නිවැරදියි.

අපේ බැච් එක කණ්ඩායම් වලටවෙන් කරද්දී මම වැටුනේ HGroup එකට.තාරක, මලිත්, ගිහාන්, තිලිණි, වෙලොනිකා, හිරාන්, ශමින්, කසුන්, රංග, වරුනිකා, පසන්, චතුරිකා, සනත්, මුදිතා සහ මම. මේ තමයි අපේ H Group සෙට් එක. සේරමලා හරිම හොඳයි. අපි අපේ අදහස් එකිනෙකා අතරේ හුවමාරු කර ගත්තා.දැනුම හුවමාරු කර ගත්තා.කවුරු නැතත් අපිට අපිම ඉන්නවා නේද කියන හැගීමක් අපි හැම දෙනාටම දැනුනා.

මේ විදියට සතුටු සාමිචියේ යෙදිමින්, විනෝද වෙමින්, අධ්‍යයන කටයුතු වල යෙදිමින් දවසින් දවස සතියෙන් සතිය අපිට නොදැනීම ගෙවිල ගියා. Orientation Program එකේ අග භාගෙ වෙද්දී අපිට අපේ පලවන අභියෝගය විදියට Closing Ceremony එක කරන්න ලැබුනා. ඒකෙදි අපි හැම කණ්ඩායමක්ම අපේ නර්තන, ගායන, නාට්‍යමය කුසලතා එලි දක්වන්න ඕනේ. අපේ H Group සෙට් එකත් ලහි ලහියේ ඒකට සුදානම් උනා. මුලින්ම අපි නාට්‍යයක් කරන්න කතිකා කර ගත්තා. එත් අපේ දක්ෂ නළුවෙක්ට හිටියෙ අපේ මලිත් විතරයි. අනිත් කට්ටිය ටික ටික පස්ස ගැහුවා. කොහොම වුනත් අපි හැමෝම කතා කරලා අන්තිමට ලස්සන ඉංග්‍රීසි සිංදුවක් වන "words" සෝන්ග් එක ගයන කරන්න තීරණය කලා. අපේ ගීත කෝකිලාවිය මුදිතා. අනිත් අයට ස්වර ස්ථාන හරියට ගයනා කරන්න කියල දුන්නේ එයා. කොහොම වුනත් අපි හැම දෙනාගෙම සමගියත්, එකමුතු කමත් නිසා ඒ අභියෝගය සාර්ථකව ජයගන්න අපිට පුළුවන් වූනා. අනිත් කණ්ඩායම් වල දක්ෂතාත් එක්ක අපිට ලස්සන Closing Ceremony එකක් කරන්න පුළුවන් වුණා.

Closing Ceremony එකට කලින් ගත කරපු ඒ සුන්දර කාලයෙ හැම දවසකම වගේ අපි කඳුළු එනකම්ම හිනා වුණා. ඒ අතර පුංචි පුංචි රණ්ඩු අපේ බැඳීම් තවත් ශක්තිමත් කලා. වෙලොනිකා සහ පසන් අපෙන් වෙන්වෙලා ගියත් ඒ සුන්දර මතක සටහන් වල අපි හැමෝම තවමත් එකට ජීවත් වෙනවා වගෙයි මට නම් දැනෙන්නෙ.

අද වෙනකනුත් අපේ H Group එකේ ෆිට් එක එහෙම්ම තියෙනවා. ඒ වගේම අපේ මේ මිතුදම අප කවදාහරි මේ සරසවිය හැර දමා ගියත් අපේ හිත් වල, ජීවිතවල සදාකාලිකවම රැදේවා කියල මම එක සිතින් ප්‍රර්ථනා කරනවා. ඒ වගේම දස වසක අභිමානය පෙරටු කොට ගෙන තොරතුරු තාක්ෂණ පිටයට ඇතුළු වුණු දස වන කණ්ඩායම වුණු අපට සදා නොමැකෙන, අභිමානවත් මතක සටහන් රාශියක් සමගින් මේ සිවු වස නිමකරන්නට ලැබේවා යයිද මම එක හිතින් ප්‍රර්ථනා කරමි!!!


ලිව්වේ...
නිෂාදි පුර්ණිමා විජේපාල
තොරතුරු තාක්ෂණ පීඨය
මොරටුව විශ්ව විද්‍යාලය


You Might Also Like :


3 Responses:

shashikamanoj said...

Great work Nishadi...eka lassnai...!!

හිරාන් ධනුෂ්ක said...

:)

Asanka Udayanga said...

සුන්දර මතකයක් ලස්සනට අකුරු කරලා....එල එල...
Word verification පුලුවන් නම් අයින් කරන්න.

Post a Comment