Thursday, February 3, 2011

සරසවි ජීවිතේ


5:44 AM |

සරසවිය කියන්නේ හරිම පුදුමාකාර තැනක්. පුංචි කලේ ඉඳල අපි ගොඩාක් මහන්සි වෙලා එන්න හදන්නෙ මෙතනටනෙ. එත් ඒ මහන්සියේ ප්‍රතිපලය තේරෙන්නෙ කවදාහරි සරසවියට ගොඩ වැදුණු දවසට. ජීවිතේ පුංචි කලේ ඉඳල කොයිතරම් අත්දැකීම් ලැබුනත් සරසවි ජීවිතේ තරම් මිහිරි සොඳුරු අත්දැකීමක් ජීවිතේදී තවත් ලබන්න බැහැ. මොකද සරසවියේදී ලබන පුංචි අත්දැකීමක් උනත් ඒ තරම්ම සුන්දරයි. ඇත්තටම එක වචන වලින් කියල නිම කරන්න බැහැ

අපි පුංචි කාලේදී සරසවිය කියන්නේ හරියට හීනයක් වගේ. මට තාම මතකයි මම පුංචි කාලෙ අපේ අම්ම නවක වදය(Rag එක) ගැන විස්තර කියද්දී මම හිරිවැටිලා ගියා. එත් ජීවිතේ ටිකෙන් ටික ලොකු වෙලා O/Ls කරලා A/Ls කරනකොට සරසවිය ගැන තිබුණු හැගීම් අමුතුම බයකුත් එක්ක උද්දීපනය උනා. හැබැයි ඒ Rag එක කන්න බයේ නම් නෙවෙයි. මේ සරසවියට ඇතුළු වෙන්නේ කොහොමද කියන එකට. මට හැගෙන්නෙ කෙනෙකුට තමන්ගේ ජීවිතේ ලස්සනම කාලෙ ගෙවන්න පුළුවන් වෙන්නෙ සරසවි අවදියේදී කියලයි.


කොයිතරම් සුන්දර උනත් ඒ සුන්දරත්වයට ලඟා වෙන්න අපි විඳින්න ඕන කට්ට ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙනැහැනෙ. ඒ මොනවා උනත් ඒ සුමිහිරි සුන්දරත්වයෙ හිමිකාරයකු වෙන්න මටත් හැකිවීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේම දැනට A/Ls O/Ls කරන නංගිලා මල්ලිලට කියන්නෙ තමන්ගේ උපරිම කැපවීමෙන් වැඩ කරලා ඔයගොල්ලොන්ටත් ඒ සුන්දර ජීවිතය ලඟා කර ගන්න try කරන්න කියලා. ඒ වගේම සරසවි වරම් ලබපු මගේම සහෝදර සහෝදරියන්ට කියන්නෙ ඔය ගොල්ලො ගත කරන මේ සරසවි ජීවිතය උපරිමයෙන්ම අත් විඳින්න කියලා.


සරසවි ජීවිතේ රසවත් සිදුවීම් ගොඩාක් තියෙනවා. ඒවා මම ඔයාලට හෙමීට කියනම්කො. මේ ලිපිය කියවල යන්න කලින් ඔයාලගේ අත්දැකීමුත් මාත් එක්කත් මේ ලිපිය කියවන්න් එන අනිත් යාලුවෝ එකකත් බෙදා ගෙන යන්න. ඔබට ජය!


You Might Also Like :


9 Responses:

enadun said...

Good Job Hiran !!!
Keep it up.........

හිරාන් ධනුෂ්ක said...

Thanx Nadun !!!

Unknown said...

maru hiran!!!

හිරාන් ධනුෂ්ක said...

Thanx Anu!!!

Unknown said...

wow... mara lassanaiiii.....!!!!

හිරාන් ධනුෂ්ක said...

Thankz Indu!!!

යසියා said...

මචං උඹයි මමයි එක පන්තියෙ උන්නට පලමු පාර උඹ හුගාක් හොදට පාස් මම ෆේල්. ඒත් කිසිම ඉරිසියාවක් තිබුනේ නෑ.ඕන කෙනෙකුට කට ඇරල මම උඹේ රිසල්ට් කිව්වා. දැන උන්නෙ නෑ උඹත් මම වගේ පිස්සෙක් කියලා..බ්ලොග් එකේ උඹේ  දේවල් ලියලා දාපන්..මම දවසම කරන්නෙ බ්ලොග් වලට ගොඩවදින එක.ජයවේවා සහෝදරයා...

හිරාන් ධනුෂ්ක said...

අනිවා මචන්.. අපි හැමෝම රිච්මන්ඩ් කොල්ලොනේ.. අපි අතර කුහක, ඉරිසියකම් නැහැ.. එදත්, අදත්, හෙටත් අපි හැමදාම යාලුවෝ... උඹටත් සුබ අනාගතයක් මචන්.. !!!

Apsara said...

nice work hiran...

Post a Comment