Wednesday, August 17, 2011

කැම්පස් එකේ මගුල් උත්සවේ


4:50 AM |

කොහොමද නංගියේ.. මල්ලියේ.. අය්යේ.. අක්කේ.. යහලුවනේ..
ගොඩ කාලෙකින් පොස්ට් එකක් දන්නා බැරි උනේ ගොඩාක් වැඩ වලට හිර වෙලා හිටපු නිසා..
දන්නවනේ ඉතින් කැම්පස් එකේ වැඩ වල ඉවරයක් නැ කියල. එකක් ඉවර වෙනකොට තව එකක්.ප්‍රොජෙක්ට්, පොපොසලස්, රිපෝට්ස්, එක්සැම් ඉවරයක් නැ. ඒවා අතර ඉතින් ෆන් වැඩත් ඕනේතරම් තියෙනවා. මම අද කියන්න යන්නෙත් කැම්පස් එකක තියෙන මැක්සාම ෆන් වැඩක් ගැන.

අපේ ෆැකල්ටි එකේ අයත් ඔය ෆන් වැඩ වලට ගොඩක් කැමතියි. ඔයාල දන්නවද කැම්පස්
එකේදී කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළුවෙනවා කියන්නේ අයේ ඉත්න් දෙන්නටම කසාද
බදින්නම වෙනවා. යාලු වෙලා අතාරින්න නම් යාලු වෙන්න දෙන්නේ නැ. ඒ වගේම ඉතින් කැම්පස්එකේ සම්ප්‍රදායේ හැටියට පොඩි මගුලකුත් ගන්න වෙනවා. මගුලට එන අයට ඒක පොඩි උනාට,මනමාලයටයි, මනමලිටයි පොඩි වෙන්නෙ නැ. :D

ඉතින් අපේ කැම්පස් එකෙත් ඔය හා හා පුර කියලඅතිනත් ගත්තු අපේ බොක්කේ ෆිට් කොල්ලෝ දෙන්නෙකුටයි, කෙල්ලෝ දෙන්නෙකුටයි මේමගුල් උත්සවේ ගන්න ලෙසති කරලා තියෙනවා. යාලුවෝ විදියට එයාලගේ අලුත් ජීවිතේට ඉතින් සුබ පතන ඒක අපේ යුතුකමනේ. ;) ඉතින් මේ මගුල් උත්සවේදී මනමාලියි, මනමාලයයි ලස්සනට ඇඳ පලද ගෙන එහෙම එන්න ඕනේ. ඇඳුම් අරන් දෙන්නෙත් අපේ යාලුවොමනේ :D තව ඉතින් චාරිත්‍ර ගොඩාක් තියෙනවා කරන්න.:D

අන්තිමට ඉතින් ජෝඩුවම පිරිසිදු වතුරෙන් (මොනවද කියල දන්නවනේ ඉතින් :D) නාවල එහෙම මුළු ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් වෙන්න කියල ආශීර්වාද කරනවා. :) අවසානයේදී මගුල් උත්සවේ ගැන පැහැදෙන අපේ මනමාල ජෝඩුව මුළු බැච් එකටම පුංචි පාටි එකක් දෙනවා. :) :) තාම ඉතින් අපේ කැම්පස් එකෙත් ඕක තාම තිබ්බේ නැ. ඉස්සරට තියන්න ප්ලැන් කරන් ඉන්නවා. තිබ්බට පස්සේ තවත් විස්තර ඔයාලට කියන්නම්කො..

එහෙනම් ඉතින් මේක කියවල යන්න කලින් ඔයාලගේ මැක්සා අදහසුත් මට දීල යන්නකෝ! නැවත හමුවෙමු!


You Might Also Like :


11 Responses:

රත්ගමයා said...

එල එල ලියහන්...තොගේ මගුලත් ලියහන්

හිරාන් ධනුෂ්ක said...

හෙහෙ එල එල අනිවා කියන්ම්කො :D

Dilsha Guruge said...

oya anunge ewwa liynne oyage 1kma issela,ma liynnako apt kiyawanna.... :C

හිරාන් ධනුෂ්ක said...

Hikiz... hemeeta ithn liyanna bariya :D ;)

Asanka Udara said...

උඹ මෝරා ද?
අපේ බැච් එකෙත් ගත්ත පට්ට මගුලක්.
පෝරුවේ චාරිත්‍ර, ජයමංගල ගාථා...
කෙල්ලගේ group එකේ රෙපා තමයි මනමාලිගේ තාත්තා
හික් හික්

Apsara said...

hehe..:D

හිරාන් ධනුෂ්ක said...

@Asanka::
ඔව් මචන්.
මැක්සා ෆන් එකක් :D

හිරාන් ධනුෂ්ක said...

@Apsara:: hehe :D :D =)

සංකල්ප said...

ඕකට අපේ කැම්පස් එකේ නම් කියනේ හිච් පාර්ටි එකක් දෙනවා කියලා. හිච් පාර්ටි නම් මරු මාර ගති. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න !!!!

Deeps said...

මොරටුවේ මගුල් :D

හිරාන් ධනුෂ්ක said...

@මධුරංග හෙහෙ එල එල.. :ඩී හිච පටිය!

@deep :D :D

Post a Comment