LogMeIn Hamachi යනු අන්තර්ජාලය හරහා අදිසි පරිගණක ජාලයක් (Virtual Private Network) නිර්මාණය කර එමගින් පරිගණක දෙකක් අතර සම්බන්ධතාවක් ඇති කරන මෘදුකාංගයකි. මෙමගින් අන්තර්ජාලය තුල ඔබටම වෙන්වූ පෞද්ගලික පරිගණක ජාලයක් නිර්මාණය කර දෙන අතර එමගින් ඔබට වෙනත් ඕනෑම ස්ථානයක ඇති පරිගණකයක් මගින් ඔබේ ප්‍රධාන පරිගණකයට ඇතුළු වීමට හැකි පහසුකම ලබාදේ.
අඹ යාළුවන්ට පාවිච්චි කරන්න මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරන ලද අලුත්ම දුරකථන මෘදුකාංග පද්ධතිය තමයි වින්ඩෝස් මොබයිල් මැන්ගෝ 7.5 කියන්නේ. මෙම මෘදුකාංග පද්ධතිය විශේෂිත තාක්ෂණික මෘදුකාංග රැසකින් සමන්විතයි. ඇන්ඩ්‍රෝයිඩ්, බ්ලැක් බෙරි, සිම්බියන්, ඇපල්, සැන්ඩ්විච් වැනි දුරකථන මෘදුකාංග පද්ධති වලට වඩා මෙය ගොඩක් රසවත් බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ.
ඇත්තටම මට හිතෙනවා ස්ටීව් ජොබ්ස් ගෙ මේ කතාව කියෙව්වට පස්සේ මගේ ජීවිතයටත් හිතන්න යමක් ලැබුන කියල. ස්ටීව් ජොබ්ස් ගෙ අභාවය ලෝකයට ඇත්තටම පාඩුවක්. එවැනි මිනිසුන් ලොව බිහිවෙන්නේ අතලොස්සයි. එවැනි මිනිසුන්ගෙන් වන සේවාව කියල නිම කරන්න බැහැ. ඒ අඩුව පුරවන්න තව එවැනි මිනිසුන් බිහිවේද යන්නත් ප්‍රශ්නයක්.ලෝකය වෙනුවෙන් නිහතමානී, අවංක සේවයක් ස්ටීව් ජොබ්ස් මහතාණෙනි ඔබට නිවන් සුව!
කොහොමද නංගියේ.. මල්ලියේ.. අය්යේ.. අක්කේ.. යහලුවනේ.. ගොඩ කාලෙකින් පොස්ට් එකක් දන්නා බැරි උනේ ගොඩාක් වැඩ වලට හිර වෙලා හිටපු නිසා.. දන්නවනේ ඉතින් කැම්පස් එකේ වැඩ වල ඉවරයක් නැ කියල. එකක් ඉවර වෙනකොට තව එකක්.ප්‍රොජෙක්ට්, පොපොසලස්, රිපෝට්ස්, එක්සැම් ඉවරයක් නැ. ඒවා අතර ඉතින් ෆන් වැඩත් ඕනේතරම් තියෙනවා. මම අද කියන්න යන්නෙත් කැම්පස් එකක තියෙන මැක්සාම ෆන් වැඩක් ගැන.
ඔයගොල්ලෝ ගුගල් සෙවුම් යන්ත්‍රය දිනකට කී වතාවක් පමණ ප්‍රයෝජනයට ගන්නවද? එහෙම ගන්න ඔයගොල්ලොන්ට ගූගල් සමාගම මගින් නිර්මාණය කර ඇති වෙබ් පේජය ඉතාමත්ම ආකර්ශනීය වෙබ් පේජයක්. ගූගල් සෙවුම් යන්ත්‍රය යොදා ගන්නා පිරිස වැඩි කරගැනීමේ අරමුණින් ගූගල් සමාගම මෙවැනි නිර්මාණ කරනු ලබයි.
2010 අසළ මාසේ 5 වෙනිදා අපි මොරටු සරසවි බිමට පය තැබුවෙ බලාපොරොත්තු රැසක් පොදි බැඳන්. නුහුරු නුපුරුදු බිමක දෙමාපියන්, නෑදෑයින් ගෙන් මිදිලා තනිවෙද්දි අපේ තනියට හිටියෙ අපි අපිමයි. එදා දවස ටිකක් වැසිබර දවසක්. හා හා පුරා කියල නෙළුම් මල් පුජ කරලා සීත ගඟුල(අපේ බුදු සමිඳු පිළිමය අසළ) වැඳලා අපි තොරතුරු තාක්ෂණ පීඨයට ගොඩ වූනේ බියත් කුතුහලයත් සතුටත් එක්තැන් කරගෙන.
| Posted On 6:58 AM | 3 Responses |
| Posted On 7:22 AM | 8 Responses |
ඇත්තෙන්ම එය දැන් යථාර්තයක් බවට පත්වී ඇත්තේ LogMeIn Hamachi නම් මෘදුකාංගයක් සමගයි. මෙම මෘදුකාංගය මගින් ඔබට ලොව ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය භාවිතයෙන් තම නිවසේ හෝ වෙනත් ස්ථානයක ඇති පරිගණකයකට ඇතුළු වී දත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේ. LogMeIn Hamachi යනු අන්තර්ජාලය හරහා අදිසි පරිගණක ජාලයක් (Virtual Private Network) නිර්මාණය කර එමගින් පරිගණක දෙකක් අතර සම්බන්ධතාවක් ඇති කරන මෘදුකාංගයකි. මෙමගින් අන්තර්ජාලය තුල ඔබටම වෙන්වූ පෞද්ගලික පරිගණක ජාලයක් නිර්මාණය කර දෙන අතර එමගින් ඔබට වෙනත් ඕනෑම ස්ථානයක ඇති පරිගණකයක් මගින් ඔබේ ප්‍රධාන පරිගණකයට ඇතුළු වීමට හැකි පහසුකම ලබාදේ. ඔබේ පරිගණකය සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වුවත් මෙමගින් පරිගණකයේ ඇති පොදුවේ බවිත කල හැකි Shared Files හි ඇති දත්තයන් වලට ඇතුල් වී තොරතුරු තොරතුරු පිටපත් කර ගැනීමට හැකිවේ. LogMeIn Hamachi මෘදුකාංගය භාවිත කිරීම සඳහා ඔබට අනිවාර්යයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවක් තිබිය යුතු වේ. එමෙන්ම ඔබට ඔබගේ අන්තර්ජාලයේ සැරිසරන මිතුරන්ගේ පරිගණක වල ඇති දත්ත හුවමාරු කරගැනීමටද මෙය කදිම අවස්ථාවකි. ඔබ Wifi මගින් පරිගණක දෙකක් සම්බන්ධ කරගන්නා ආකාරයටම ඔබට අන්තර්ජාලය හරහා පරිගණක දෙකක් සම්බන්ධ කර ගැනීමට මෙමගින් අවස්ථාව සලසා දෙයි. එමෙන්ම ඔබට මිතුරන් සමග අන්තර්ජාලය හරහා නෙට්වර්ක් කර පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරමටද මෙමගින් හැකියාව ලබාදේ. (Eg:- Halo)
| Posted On 9:47 AM | 2 Responses |
